තමන්ගේ හදවත තමන් අතටම! | Page 4 | සිළුමිණ

තමන්ගේ හදවත තමන් අතටම!

අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස්හි ස්ථාපිත බෙලර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය 'හදවතට හදවතක්' වැඩසටහන ආරම්භ කළේ 2014 වසරේදීය. මේ වැඩසටහන ගොඩනැඟී තිබෙන්නේ හදවත් බද්ධ කිරීම සඳහා බව දැක්වේ. වැඩසටහනට සම්බන්ධ හෘදය රෝග විශේෂඥයෝ හෘදය රෝගීන්ගෙන් ඉවත් කෙරෙන අකර්මණ්‍ය මට්ටමේ හදවත් ගබඩා කිරීමට පෙලඹී සිටිති. ගලවා ඉවත් කෙරෙන හදවත් භාවිත කරගනිමින් පර්යේෂණ පැවැත්වීම එහි එක් අරමුණකි. ඒ හැරුණුවිට ඉවත් කරන ලද හදවත්වල අයිතිකරුවන් කැඳවා හදවත ඔවුන්ගේ අතට ලබාදීමේ වැඩ පිළිවෙළකුත් ක්‍රියාත්මක වන බව දැක්වේ.

හදවත් බද්ධ කිරීමේ සැත්කම්වලට භාජනය වී දැන් නිරෝගී තත්ත්වයට පත් බොහෝ රෝගීහු තමන් පළමුව දැරූ රෝගී හදවත් දැකීමෙන් හැඟීම්බර නොවූහ. එහෙත් තම තමන්ගේ හදවත් සම්බන්ධයෙන් රෝගීන් සාමාන්‍යයෙන් දැනගෙන සිටි කරුණු තම හදවත අතට ගත් පසු එම හදවත් හිමි පුද්ගලයන්ගෙන් විද්‍යමාන නොවිණ. හදවත්වල හැඩයද පැහැයද වෙනස් වී තිබුණු බව කියැවේ. එවැනි තත්ත්වයක් මතුව තිබුණේ ගබඩා කිරීමේදී ෆෝමැල්ඩිහයිඩ් නමැති රසායනිකයක හදවත් බහා තැබීම, හදවත්වල කොටස් පරීක්ෂණවලට යොදාගැනීම හෝ හදවත් මේදයෙන් ආවරණය වී තිබීම හෝ නිසා බව වෛද්‍යවරු පවසති.

Comments