
අපි සියලු දෙනා මුදල් භාවිත කරනවා. ඒවා හුවමාරු කරගන්නවා. අපි මුදල් උපයනවා. වර්තමාන ලෝකයේ ජීවත්වීමට මුදල් අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඕනෑම රටක මේ මුදල් මුද්‍රණය කරන්නේ එම රටේ අදාළ මුලික බැංකුවක් විසින්. අපි මුදල් ණයට ගැනීමේදී හෝ තැන්පත් කිරීමේදී හෝ එහි පොලී අනුපාත තීරණය කරන්නේත් බැංකු විසින්. අපි මුදල් එක් රටක සිට තවත් රටකට යැවීමේදී අයකරන අමතර ගාස්තුව පවා තීරණය කරන්නේ බැංකු විසින්. එමෙන්ම මේ වගේ එක රටකින් තවත් රටකට මුදල් යැවීම ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒ සඳහා කාලයක් ගත වනවා. ඉතින් මේ වගේ හැම දෙයක්ම තීරණය කරන්නේ බැංකු විසින්.
මේ බැංකු කාර්යභාරයන් සංකීර්ණයි. ඒ වගේම මුදල් ඒකක රටින් රටට වෙනස්. මේ මුදල් භාවිතයේදී නීති රීති රාශියක් අතර දෝලනය වෙමින් නොයෙක් දුශ්කරතාවන්ට මුහුණ දීමටත් ගනුදෙනුකරුවන්ට සිදුවනවා.
ඉතින් මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් විදියට 2008 වසරේදී 'සතොශි නකමොටෝ' අදහසක් ඉදිරිපත් කළා. එයින් කියවුණේ ලෝකයේ සියලු දෙනාට නිදහසේ භාවිත කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු පද්ධතියක් ගැනයි. මේ ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු පද්ධතියේ අපි සාමාන්‍යයෙන් භාවිත කරන අාකාරයේ මුදල් නෝට්ටු හෝ කාසි දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙහි තිබෙන්නේ ඩිජිටල් රෙකෝඩ්එකක්. මේ නිසා ඔබට එක රටකින් තවත් රටකට මුදල් හුවමාරු කිරීමේ බැරෑරුම් කාර්යයක්, ඊමේල් එකක් යවනවා වගේ සරල දෙයක් වනවා. ඇත්තම කිව්වොත් අතරමැදි ගාස්තුවක් නැතිවම මුදල් හුවමාරුවක් කරන්න පුළුවන්. ඉතින් මේ Bit Coin යනුවෙන් නම් කර ඇති ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු ක්‍රමය මගින් මුදල් හුවමාරු කරගැනීමට ඔබට අවශ්‍ය වන්නේ BitCoin walletඑකක් පමණයි. ඉතින් ඔබ Bit Coin walletඑකක් හදා ගත්තම ඔබේ walletඑකට idඑකක් ලැබෙනවා. ඉතින් මේ idඑක භාවිත කරලා ලෝකයේ සිටින ඕනෑම කෙනෙකුට ඔබේ walletඑකට මුදල් එවන්න පුළුවන්.
මේ Bit Coin මුදල් හුවමාරු පද්ධතිය තුළදී සාමාන්‍යයෙන් බැංකුවක් වගේ එක් තැනකින් මේ සියලු ගනුදෙනු පාලනය කිරීමක් සිදු කරන්නේ නැහැ. එසේ වුණා නම් කවුරු හරි කෙනෙකුට මේ පද්ධතිය hack කරලා ඔහුට අවශ්‍ය පරිදි මේ ගනුදෙනු වෙනස් කරන්න පුළුවන් වනවා. ඇත්තෙන්ම 'සතොශි නකමොටෝ' තමයි ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරුවකදී සිදුවිය හැකි මේ ගැටලුවට ප්‍රායෝගිකම විසඳුමක් ලබා දුන් පුද්ගලයා. සුවිශේෂම කාරණාව තමා මේ 'සතොශි නකමොටෝ' කියන්නේ කවුද කියලා තාම කවුරුත් නොදැන සිටීම. ඇත්තටම එය අන්වර්ථ නාමයක් විතරයි. ඉතින් මේකට ඔහු දුන්න විසඳුම තමා decentralized ledgerඑකක්. ඒ කියන්නේ සරලව කියුවොත් Bit Coin තුළදී සිදුවන ගනුදෙනු ලෝකය පුරා විහිදී තිබෙන මිලියන ගණනක් වූ පරිගණක තුළට copy කරනවා. ඉතින් කාටහරි මේ පද්ධතිය බිද දමන්න අවශ්‍ය නම් ඔහුට එක විටම මේ සියලු මිලියන ගණනක් වූ පරිගණක hack කිරීමට සිදුවනවා. නමුත් එය කල නොහැක්කක්. ඒ වගේම මේ දත්ත බැලිය නොහැකි වන සේ පරිගණක අල්ගොරිදමයක් මගින් ආරක්ෂා කර තිබෙනවා. ඉතින් මේ තාක්ෂණය නම් කරන්නේ 'Block Chain' කියලයි.
මේ පද්ධතිය තුළදී මේ දත්ත ගබඩා කිරීමට සහ එම දත්ත process කිරීමට පරිගණක විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ඉතින් මේ පරිගණක ලබා දෙන්නේ කවුද? පරිගණකයක් ඇති සෑම කෙනකුටම මේ ජාලය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ තමයි මේ සඳහා තම පරිගණක processඑක ලබා දීම මගින් එම දායකයාටත් වාසියක් සිදුවනවා. Block Chain තුළ සිදුවන ගනුදෙනුවකදී ඔබේ පරිගණකය මගින් එය පවත්වාගෙන යාමට ලබා දෙන දායකත්වය, ඔබේ walletන එකට අලුත් Bit Coin ලබා දෙනවා. ඉතින් මේ වගේ දායකත්වය ලබා දෙන්නන්ට Bit Coinminers කියලා කියනවා.
මේ ලෝකයේ තිබෙන්න පුළුවන් Bit Coin නිශ්චිත ප්‍රමාණයක් තිබෙනවා. ඒ Bit Coin මිලියන 21. ඉතින් මේ නිසාම මේ Bit Coinඑකක වටිනාකම දිගටම වැඩි වනවා. ඉතින් තවමත් කිසිවකුටත් මේ Bit Coin networkඑක hack කරන්න බැරිවෙලා තිබෙනවා. ඉස්සරහටත් ඒක කරන්න බැරි වෙයි. ඉතින් මේ නිසා Bit Coin දැනට පවතින ආරක්ෂිතම සහ වේගවත්ම මුදල් හුවමාරු ක්‍රමය වනවා. මේ මොහොතේදී Bit Coinඑකක මිල රුපියල් මිලියන 2.4 පමණ වෙනවා.
යශෝදා ඉන්දීවරී