ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව මහ ඉහළින් | සිළුමිණ

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව මහ ඉහළින්

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මඟින් පනස් පස් (55) වන වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනය මිහින්තලා රජමහා විහාරස්ථාන මැද මළුවේදී අතිඋත්කර්ෂවත් අයුරින් විවෘත කෙරිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක, විදුලි බල හා බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය ළමා හා කාන්තා කටයුතු ඇමති චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් අතින් විවෘත කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති වළවාහැංගුන වැවේ ධම්මරතන නාහිමි, උතුරුමැද පළාත් වාරිමාර්ග ඇමති සරත් ඉලංගසිංහ, ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ විධායක නිලධාරීහු ලංකාවිදුලි බලමණ්ඩලය, ලංකා බැංකුව, ඩයලොග් ආයතනයේ නිලධාරීහු එක්ව සිටියහ. ඡායාරූපය - සමන්ත වීරසිරි
 

Comments