![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/16/train-selfie.jpg?itok=mz9SOuqZ)
දුම්රිය හා සම්බන්ධව අනතුරුදායක ලෙස සෙල්ෆි ඡායාරූප ලබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු පවරනු ලබන බව දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පවසයි.
දුම්රිය ආඥා පනතට අනුව අන්තරාදායක ආකාරයෙන් ගමන් කරන දුම්රිය මඟීන්ට මෙන්ම අනෙකුත් ජනතාවට එරෙහිව මෙසේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා කීය.
දුම්රිය මාර්ගයේ ගමන් කිරීම පවා දඬුවම් ලැබිය හැකි වරදක්ව තිබියදී ඇතැම් පුද්ගලයන් දුම්රිය පැමිණෙන විට පවා සෙල්ෆි සේයාරූ ලබා ගැනීමට පුරුදුව සිටීම ඉතාම අනතුරුදායක බවත් පසුගිය දිනවල මේ ආකාරයෙන් අවාසනාවන්ත ලෙස ජීවිත රැසක්ම අහිමි වූ බවද කීය.