![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/16/polythene.jpg?itok=8O24BIB5)
මයික්‍රෝන 40කට අඩු ඝනකමින් යුත් පොලිතීන් මෙරටට ගෙන්වීම, පාවිච්චිය හා ළඟ තබා ගැනීම තහනම් කිරීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව මින් ඉදිරියට තුනී පොලිතීන්වලින් සිලිසිලි මලු හා ලන්ච් ෂීට් නිපදවීම තහනම් කිරීමට රජය සූදානම් වෙයි.
මේ අතර පොලිතීන් කර්මාන්තකරුවන්ගේ ප්‍රතිචක්‍රීකරුවන්ගේ සංගමය පවසන්නේ මේ කරුණ නිසා මෙරටට ගෙන්වන පොලිතීන් ප්‍රමාණය තව වැඩි වීමට හැකි බවයි.
කොතරම් නීති දැම්මත් 2006දී ගෙන්වූ පොලිතීන් ප්‍රමාණය මෙන් දෙගුණයක් 2016දී මෙරටට ගෙන්වා ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි. 2006 මෙරටට ගෙන්වූ පොලිතින් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 64106කි. නමුත් 2016දී මෙරටට පොලිතීන් මෙට්‍රික් ටොන් 113450ක් ගෙන්වා ඇත. මේ ගැටලුවට විසඳුම වන්නේ පොලිතීන් ප්‍රතිචක්‍රීකරණයට මේ ආයතනවලට උදවු දීම බවද එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා පවසයි.