දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය ඉහළ නඟී | Page 15 | සිළුමිණ

දිස්ත්‍රික්ක කිහිපයක උෂ්ණත්වය ඉහළ නඟී

පසුගිය සිකුරාදා වන විට මෙරට දිස්ත්‍රික් ගණනාවක උෂ්ණත්වය සුවිශේෂ ලෙස වැඩි වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පසුගිය සිකුරාදා මඩකලපුවේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙන්ට්‍රිගේට් අංශක හතරකින් ඉහළ නැඟ ඇති බවත් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්වල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 3කින් ඉහළ නැඟ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මීට අමතරව කටුගස්තොට කුරුණෑගල, මන්නාරම, රත්මලාන, පුත්තලම, වවුනියාව වැනි ප්‍රදේශවලද උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක දෙකකින් ඉහළ නැඟ තිබිණි. මේ තත්ත්වය යටතේ ඉදිරියේ අපේ රටේ කාලගුණයේ තවත් වෙනස්කම් සිදු වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. 

Comments