![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/02/electricity.jpg?itok=sLmWqM-a)
ආපදා හේතුවෙන් විදුලිය අහිමි වූ 625,000කට ආසන්න පාරිභෝගිකයන්ගෙන් 80%ක පමණ පිරිසකට මේ වන විට යළි විදුලිය සම්බන්ධතා ලබා දී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
විදුලි බලය බිඳවැටීමට අමතරව විදුලි බල මණ්ඩලයේ ග්‍රීඩ් උපපොළ හා විදුලිය බෙදාහැරීමේ මධ්‍යස්ථාන ජලයෙන් යට වීම නිසා විදුලිය සම්බන්ධතාව බිඳ හෙළන්නටද සිදු වූ බව ඇමැතිවරයා මෙහිදී කීය. ජලය බැස ගිය වහා විදුලිය බලය ලබා දීමට කටයුතු කරන බවත් ජලයෙන් යට වූ නිවාසයන්ට යළි විදුලිය ලබා දීම ගැටලුවක්ව ඇත්තේ විදුලි පරිපථ ජලයෙන් යට වීම නිසා යළි සබඳතා ලබා දීම අනතුරුදායක නිසා බවත්, ජලයෙන් යට වූ නිවාස පිළිබඳ සෑහීමකට පත් වූ පසු පමණක් ඒ සබඳතා යළි ලබා දෙන බවත්, එහිදී පරීක්ෂණ සිදු කිරීම විදුලිය බල මණ්ඩලයෙන් නොමිලේ සිදු කරනු ලබන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.