
ජපන් රෙට් සෑම තැනක ම පාහේ පොලිතින්, ප්ලාස්ටික්, බෝතල්, ටින්, කාඩ්බෝඩ්, කඩදාසි සහ අනෙකුත් අපද්‍රව්‍ය දැමීමට වෙනම ස්ථාන ඇත. නියමිත දේ නියමිත තැනට දැමීමට ජපන් ජනතාව පුරුදු වී සිටිති. එසේ දමන අපද්‍රව්‍ය නගරසභා, ප්‍රාදේශීය පාලන ආයතන මඟින් එකතු කොට ප්‍රතිචක්‍රීයකරන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කරන අතර අනෙක් අපද්‍රව්‍ය දහනය කරනු ලැබේ. එසේ දහනය කිරීමේදී ලැබෙන බලය විවිධ කාර්යයන්ට යොදා ගන්නා අතර අළු පහත්බිම් ගොඩ කිරීමට හා විශේෂයෙන් මුහුදු ගොඩ කර නව නගර නිර්මාණය කිරීමට යොදා ගනු ලැබේ. ජපානයේ සෑම පාලන ඒකකයක් ම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
කසළ බැහැර කිරීමේ ප්රශ්නය මේ වන විට අපේ රටේ ඔඩු දුවන තුවාලයක් බවට පත්ව ඇත. ලොව බොහෝ රටවල් කසළ බැහැර කිරීමට ස්ථිර සාර වැඩ පිළිවෙළවල් ක්‍රියාවට නගයි. එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අපේ රට ක්‍රියා නොකරන්නේ ඇයි දැයි යන්න ගැටලුවකි.
ලෝකයේ පිරිසුදුම රටවල්වලින් එකකි ජපානය. සමහර අය හඳුන්වන්නේ ලොව පිරිසුදුම රට ජපානය ලෙසයි. කවර රටක වුවත් පිරිසුදු බව රැකගත හැක්කේ ඊට ජනතාවගෙන් ලැබෙන සහයෝගය අනුවය. තවත් ලෙසකින් සඳහන් කරතොත් ජනතාව දැනුම්වත් වන පමණට රටක පිරිසුදු බව රැකගත හැකිවේ. ජපන් රටේ ජනතාව පිරිසුදුකම ගැන දක්වන උනන්දුව පුදුම සහගතය. එහි කවර නගරයකට ගියත් කවර මාර්ගයක ගමන් කළත් කිසිම තැනෙක කවර හෝ අපද්‍රව්‍යයක් දක්නට නොමැත. අඩුම වශයෙන් සිගරැට් කොටයක්, ගිනිකූරක්, කඩදාසි කෑල්ලක්, පොලිතින් බෑග් එකක් ආදී මේ කිසිවක් පාරක වත් දමා නැත.
ප්රතිචක්රීයකරනය
අපේ රෙට් රැස්වීමක්, සංගීත ප්‍රසංගයක් ආදිය පැවැත්වුණු තැනකින් ජනතාව ඉවත්ව ගිය විට එතැන දමා ඇති පොලිතින් බෑග්, සිගරැට් කොට, ටින්, ප්ලාස්ටික් බෝතල් ආදිය ලොරි ගණනක් ඉවත් කිරීමට සිදුවේ. ජපන් රටේ එවැනි ජනතාව එකතු වන තැනෙක කාබී විනෝද වී ඔවුන් ඉවත්ව ගිය පසු කිසිම අපද්‍රව්‍යයක් එම බිමේ දැකිය නොහැකි ය. සියලුම අය තමා, තම පවුලේ අය ඉවත දමන දේ බෑග් එකකට එකතු කරගෙන ගොස් ඒවා දැමීමට තබා ඇති බඳුන් වලට වෙන වෙන ම දැමීමට ජපන් ජනතාව පුරුදු වී සිටිති.
ජපන් රෙට් සෑම තැනක ම පාහේ පොලිතින්, ප්ලාස්ටික්, බෝතල්, ටින්, කාඩ්බෝඩ්, කඩදාසි සහ අනෙකුත් අපද්‍රව්‍ය දැමීමට වෙනම ස්ථාන ඇත. නියමිත දේ නියමිත තැනට දැමීමට ජපන් ජනතාව පුරුදු වී සිටිති. එසේ දමන අපද්‍රව්‍ය නගරසභා, ප්‍රාදේශීය පාලන ආයතන මඟින් එකතු කොට ප්‍රතිචක්‍රීයකරන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කරන අතර අනෙක් අපද්‍රව්‍ය දහනය කරනු ලැබේ. එසේ දහනය කිරීමේදී ලැබෙන බලය විවිධ කාර්යයන්ට යොදා ගන්නා අතර අළු පහත්බිම් ගොඩ කිරීමට හා විශේෂයෙන් මුහුදු ගොඩ කර නව නගර නිර්මාණය කිරීමට යොදා ගනු ලැබේ. ජපානයේ සෑම පාලන ඒකකයක් ම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
ජපන් රටේ පිරිසුදුකම
එසේ ම ජපානයේ බල්ලන්, බළලුන් වැනි සතුන් නිදැල්ලේ සිටිනු දක්නට නැත. සතුන්ගේ අපද්‍රව්‍ය ද ඔතා කසළ බඳුන්වලට දැමිය යුතුය. එවැනි අපද්‍රව්‍ය මාර්ගයේ දැම්මොත් දඩ ගෙවීමට සිදුවේ.
එපමණක් නොව පොදු ස්ථාන වල විශේෂයෙන් දුම්රිය ස්ථාන, ට්රෑම් රිය පොළවල් ආදියේ පඩි පෙළවල ඇති අත්වැල්, ගරාදි වැටවල් ආදියේ දූවිලි රැඳී ඇතොත් ඒවා පිස දමා යාම ජපන් වැඩිහිටියන්ගේ සිරිතය. ඒ සඳහා ඔව්හු සාක්කුවේ රෙදි කෑල්ලක් දමාගෙන යති. දූවිලි ඇති තැනක් දුටු විට ඔව්හු රෙදි කෑල්ල ගෙන ඒවා පිස දමති. එවිට තවත් කෙනෙකුගේ අතේ හෝ ඇඳුම්වල දූවිලි තැවැරීමට ඉඩක් නැත.
ජපන් රටේ පිරිසුදුකම කෙරේ බලපා ඇති තවත් කරුණක් වන්නේ වැසිකිළි, කැසිකිළි ඉදි කිරීමට එරට දී ඇති ප්‍රමුඛතාවයි. ඕනෑම පොදු තැනකට ගියත්, සුපිරි වෙළඳසල් වැනි පෞද්ගලික තැනකට ගියත් ඒවායේ වැසිකිලි පවතින තැන දැක්වෙන සලකුණු පැහැදිලිව ප්‍රදර්ශනය වේ. මේ හැම වැසිකිළි පද්ධතියකම ආබාධිත අයට වෙනමත් කුඩා දරුවන්ට වෙනමත් වැසිකිළි කැසිකිළි පිළියෙල කොට ඇත.
වැසිකිළි පද්ධතිය
විශේෂයෙන් ළදරුවන් තබා ඔවුන්ගේ යට ඇඳුම් ගලවා ඉවත්කොට පිරිසුදු කරගෙන යාමට විශේෂ ස්ථාන සකස්කොට ඇත. හැම තැනෙක ම පවත්නා වැසිකිළි ඉතාමත් පවිත්‍රව පවතින අතර කිසිම තැනෙක වැසිකිලි පාවිච්චිය සඳහා මුදල් අය කිරීමක් නොමැත. ඒ අතින් අපේ රටේ තත්ත්වය ඛේදජනකය. පොදු ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු වන නගරසභා ප්‍රාදේශිය සභා ආදිය පිහිටුවා ඇති වැසිකිලි පෞද්ගලික අයට පවරා පාරිභෝගිකයන්ගෙන් මුදල් අයකරගන්නා ආකාරය දැකිය හැකිය. පිටකොටුවේ පෞද්ගලික බස් නැවැතුම් පළේ වැසිකිළියට යන අයෙකුගෙන් රුපියල් 20ක් අයකරනු ලැබේ.
අපේ රටේ බොහෝ ආයතන මිනිසුන්ගේ මෙම මූලික අවශ්‍යතාව ගැන සලකන බවක් දක්නට නැත. විශේෂයෙන් නගරවල වෙළඳසල් ඉදිකිරීමේදී ඒවායේ වැසිකිළි පද්ධතිය ඇති ආකාරය ගැන විශේෂ සැලකිල්ලකින් සැලසුම් අනුමත කිරීමට වග බලාගත යුතුය. එහෙත් අපේ රටේ නගර සභා ප්‍රාදේශීය සභා ආදිය කරන පොදු ඉදිකිරීම් වලදී පවා මේ ගැන සැලකිල්ලක් දක්වා ඇති බවක් දක්නට නොමැත. කෑගල්ල නව බස්නැවතුම්පළේ වැසිකිළි පද්ධතියක් නැත. කලකට පෙර ඉදිකර තිබූ වැසිකිළිය කැඩී ගොස් ඇති අතර එය අලුත්වැඩියා කිරීමට පියවර ගෙන නැත.
මදුරුවන් බෝවීම
මේ නිසා මිනිසුන් කරන්නේ කොතනක හෝ ආවරණයක් ඇති ස්ථානයකට ගොස් සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමයි. මැසි මදුරුවන් බෝවීමටත්, දුගද හැමීමටත් මෙය බලපා ඇති. මේ නිසා නගරවල පවිත්‍රතාවය කෙරේ බලපාන ප්‍රධාන සාධකයක් වන පොදු වැසිකිළි, කැසිකිළි ක්‍රමවත්ව පවත්වාගෙන යාමට එම ආයතන වගබලා ගත යුතුය.
අපේ නගරසභා, ප්‍රාදේශීය සභා ආදිය පවසන කරුණක් වන්නේ වැසිකිළි කැසිකිළි කොතෙක් සෑදුවත් අපේ මිනිසුන් ඒවා හරිහැටි පාවිච්චි කිරීමට නොදන්නා බවයි. මේ නිසයි එම ස්ථානවලට පවිත්‍රතා කම්කරුවකු යොදවා මිනිසුන් දැනුම්වත් කිරීම කරන ගමන් ම නිතර ම එම ස්ථාන පිරිසුදුව තබා ගැනීමට විධි විධාන යෙදිය යුත්තේ. ඒ සඳහා වැයක් දැරීමට බැරි ප්‍රාදේශීය පාලන ආයතන විසින් පරිපනම් ආදී බදු අය කිරීමේ යුතුකමක් තිබේද?
විජේරත්න අතුරුපාන