දහම් අධ්‍යාපනය අනිවාර්ය කරයි! | සිළුමිණ

දහම් අධ්‍යාපනය අනිවාර්ය කරයි!

 ඉරුදින දහම්පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට සියලු පළාත් සභා විසින් යෝජනා සම්මත කරගෙන ඇති බව බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් මහ ඇමැතිවරුන්ගේ 33 වන මහ සමුළුවේදී මේ යෝජනාව සම්මත කරගත් බවද ඒ මහතා කීය. ඉදිරියේදී මේ සම්බන්ධ අදාළ නීති කෙටුම්පත් සකසනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා වන අතර, මේ වන විට වයඹ පළාතේ ඉරු දින පස්වරු 2.00 දක්වා ටියුෂන් පන්ති පැවැත්වීම නිල වශයෙන්ම පළාත් සභාවෙන් තහනම් කර ඇත. මේ ක්‍රියාදාමයට අදාළ ගැසට් පත්‍ර පළාත් සභා මඟින් එළිදැක්වීමට ඉදිරියේදී කටයුතු කරන බව මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකම් ගෝණදූවේ ගුණානන්ද හිමියෝ පැවසූහ. කාලාන්තරයක් තිස්සේ මහත් ආන්දෝලනයකට පත් වූ ඉරිදා දිනවල උපකාරක ටියුෂන් පන්ති පැවැත්වීම නිසා දහම් පාසල් අධ්‍යාපනයට සිදුව ඇති බාධා සම්බන්ධව රජයට කරුණු දැක්වීමෙන් පසු මේ පියවර ගත් බවද උන් වහන්සේ පැවසූහ. 

Comments