ඇන්ටාක්ටිකාවේ මහා අයිස් කඳු දිය වෙයි | සිළුමිණ

ඇන්ටාක්ටිකාවේ මහා අයිස් කඳු දිය වෙයි

ගෝලීය උෂ්ණත්වය වැඩි වීමේ අනිටු ප්‍රතිඵලවලින් තවත් බරපතළ තත්ත්වයක් වශයෙන් ඇන්ටාක්ටිකාවේ දෙවැනි විශාලතම අයිස් පර්වතය මුහුදු පත්ල සමඟ ඇති සබඳතාව ගිලිහී යමින් ඇතැයි පාරිසරික විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත. 2070 පමණ වන විට මේ ක්‍රියාවලියේ ප්‍රතිඵල ලෝක ජනතාවට අත්විඳින්නට සිදු වනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

මේ අයිස් තට්ටුව පා වීම ස්වාභාවිකව සීමා කරන ක්‍රියාවලියක් ලෙස පැවැති මෙය බිඳවැටීමේ මූලික පියවර දැන් ඇරැඹී ඇතැයි ඔවුහු පවසති. මෙය අයිස් තට්ටුව වැඩි වේගයකින් දිය වී යෑමට හේතු වනු ඇත. ඒ අනුව අයිස් තට්ටුව හැකිළී යෑමේ අවදානමක් පවතී.

වෙඩෙල් මුහුදේ පවතින ෆිල්ච්නර් රෝන් නම් අයිස් තට්ටුවේ මේ තත්ත්වය ඇති වී තිබේ.

මේ ක්‍රියාවලියම ඇමැන්ඩ්සෙන් මුහුදේද මතු වී අැති බව නිරීක්ෂණය කර ඇති අතර, එහි උෂ්ණත්වය ඇතුළතට ගලා ඒම නතර කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇතැයිද පැවසේ.

ශීත ඍතුවලදී මේ අයිස් තට්ටු විශාල වශයෙන් ලවණ පිට කරන අතර, එය අයිස් කුට්ටිවලට උෂ්ණත්වය ගලා ඒම වළක්වයි. මේ වන විට පවතින උෂ්ණත්ව වැඩි වීමේ දේශගුණික විපර්යාසය සමඟ ඒ ස්වාභාවික ආරක්ෂණ ක්‍රියාවලිය වෙනස් වී ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව ‍මේ සියවස අවසන් වීමට පෙර ඇන්ටාක්ටිකාවේ පිහිටි ෆිල්ච්නර් රෝන් අයිස් කන්ද මුුහුදු පත්ල හා ඇති සම්බන්ධය ගිලිහී යනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති. 

Comments