
ජංගම දුරකතන සේවා සපයන සමාගම් කිහිපයක් ඒකාබද්ධ කර ජනතාවට වැඩි පහසුකම් සලසා දීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. මිලියන 20ක් වන ජනතාවට ජංගම දුරකතන සේවා සැපයීම සඳහා සමාගම් 3ක් පමණක් තිබීම ප්‍රමාණවත් හෙයින් මෙවන් පියවරක් ගෙන ඇති බවත්, ඒ අනුව දැනට පවත්නා ජංගම දුරකතන සේවා සමාගම් පහෙන් කිහිපයක් ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු වී, සමාගම් අතර සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් වාර්තා වේ.
මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ අතිවිශාල ලෙස සිම් කාඩ් පත් රාශියක් රට පුරා විහිදී යෑමත් ඒ හරහා ඇති වන ගැටලු නිරාකරණය කරගනිමින් ජනතාවට ගුණාත්මක බවින් ඉහළ සේවාවක් ලබා දීමත්ය. විශේෂයෙන් රජයට සම්බන්ධ දුරකතන සමාගම් යටතේ පරිපාලනයට මේ ජංගම දුරකතන සමාගමක් හෝ දෙකක් යොමු කිරීමට අදහස් කර ඇතැයිද වාර්තාවල දැක්වේ.