![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/04/21/high.jpg?itok=gmAmrFd2)
අධික වේගයෙන් ධාවනය වන වාහනවලට එරෙහිව දඩමුදල් අය කිරීම වාහනයේ වේගය අනුව වැඩි වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
ඒ අනුව සාමාන්‍ය වාහන සඳහා අනුමත උපරිම වේගය වන පැයට කිලෝමීටර් 70 ඉක්මවා යන වාහන පැයට කිලෝමීටර් 80 දක්වා වේගයකින් ගමන් කළ හොත් අය කරනු ලබන දඩමුදලට වඩා වැඩි දඩමුදලක් පැයට කිලෝමීටර් 80ත්-90ත් අතර වේගයකින් ගමන් කළ විට අය කෙරෙන අතර, පැයට කිලෝමීටර් 90ත්-100ත් අතර දඩමුදල් තවත් වැඩි වන ආකාරයට දිගින් දිගටම වේගය අනුව දඩය වැඩි කෙරේ.
රථ වාහන අනතුරු දිගින් දිගටම වැඩි වීම සහ අනතුරුවලින් මිය යන සහ ආබාධයන්ට පත් වන පිරිස් වෙනුවෙන් මේ ආකාරයෙන් වාහන වේගය පාලනය සඳහා පියවර ගැනීමට කටයුතු කළ බවද ඒ මහතා පෙන්වා දෙයි.
ත්‍රිරෝද රථ ඇතුළු සියලු වාහන කෙරෙහි මේ නීතිය බලපවත්වන අතර, අදාළ වාහනයේ උපරිම වේග සිමාව ඉක්මවා යෑමේදී ඒ වේගය අනුව මේ දඩමුදල් වැඩි කෙරෙනු ඇත.
අධිවේගී මාර්ගයේද මේ ආකාරයෙන්ම දඩමුදල් වැඩි කිරීම සිදු වනු ඇත.