මැයි දින රැස්වීම්වලදී සිදුවන පරිසර දූෂණය වළක්වමු | සිළුමිණ

මැයි දින රැස්වීම්වලදී සිදුවන පරිසර දූෂණය වළක්වමු

 ලෝක ‍කම්කරු සටන් ව්‍යාපාරය දැනට දශක කිහිපයක් මුළුල්ලේ සිට අපේ රටේ ද පැවතිණ. මැයි දින ව්‍යාපාර සඳහා ලංකාවේ සියලුම පක්ෂ මෙන් ම සියලුම වැඩකරන කම්කරුවන් නියෝජනය වන පරිදි විවිධ වූ වෘත්තිය සමිති සංගම් සහ දේශපාලන කණ්ඩායම් එකලෙසින් පෙළගැසීමට මෙවර ද කටයුතු සූදානම් වී ඇත.

ඒ අනුව මැයි දින ව්‍යාපාර වෙනුවෙන් පැවැත්වීමට නියමිත රැස්වීම්වලදී වේදිකාව සහ මාර්ග දෙපස සැරසිලි සඳහා පරිසරය දූෂණය නොවන අයුරින් කටයුතු කරන මෙන් පරිසර යුක්තිය කේන්ද්‍රය ලෙස අප කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමු. එහිදී පොලිතින් හා ප්ලාස්ටික් නොවන ද්‍රව්‍ය යොදාගැනීමට සංවිධායකයින් වගබලා ගතයුතු බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් පරිසර යුක්ත කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන ඉල්ලා සිටී.

දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගිවන මෙම රැලි සඳහා ආහාර එතීම සඳහා භාවිත කරන පොලිතීන් (Lunch Sheet) සහ ආහාර ඇසුරුම, රිජිෆෝම් පෙට්ටි භාවිතයේදී අවම කරගැනීමට කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිමු. තවද පානීය ජලය සඳහා ගනු ලබන ප්ලාස්ටික් බෝතල් සහ පරිසරයට හානිදායක වන සියලු ම අපද්‍රව්‍ය භාවිතයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම එම අපද්‍රව්‍ය පරිසරයට බැහැර නොකර ඒවා නිසි ලෙස ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඔබගේ වගකීමක් බව ද අප මතක් කරසිටිමු. තවද විවිධ වූ නගර වල ප්‍රදර්ශනය කරන කටවුට් සහ බැනර් රැස්වීම් අවසානයේදි විධිමත් අයුරින් ඉවත් කිරීම ද සියලු පක්ෂ සංවිධායකයින්ගේ වගකීමක් සහ යුතුකමක් වන බව ද පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා කියයි.

එසේ හෙයින්, මේ පිළිබඳව නිසි අවධානය යොමුකොට පාරිසරික හානිය අවම කර ජන ජීවිත මෙන් ම සමස්ත පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වගකිවයුතු පාර්ශ්වයන් ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන මෙහිදී සියලු පක්ෂ ලේකම්වරුන්ගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ සඳහා සුදුසු හා කඩිනම් පියවර ගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් ගෞරවයෙන් යුතුව පරිසර යුක්ති කේන්ද්‍රය ඉල්ලා සිටී. 

Comments