නාටාමීන් 1500කට මැයි දිනයේදී රක්ෂණ ආවරණ | සිළුමිණ

නාටාමීන් 1500කට මැයි දිනයේදී රක්ෂණ ආවරණ

 ජාතික හෙළ උරුමයේ මැයි දිනය වෙනුවෙන් මැයි පළමු වැනිදා පෙරවරු 10ට පිටකොටුවේදී පවත්වන මැයි දින උත්සවයට සමගාමීව පිටකොටුවේ බර උසුලන නාටාමීන් 1500කට ජීවිත රක්ෂණ ලබා දීමට යයි.

මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වන මේ වැඩසටහන පිටකොටුව අඩි 100 පදික වෙළෙඳ සංකීර්ණය අසලදී සිදු කිරීමට නියමිතය. මෙරට නාටාමීන් හට රක්ෂණ ආවරණ පිරිනමන ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම අවස්ථාවට මැද කොළඹ එජාප සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මුජිබුර් රහ්මාන්, සින්නදොරේ ධනබාලන් යන මහත්වරු ද ටවර් හෝල් පදනමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉන්දිකා චන්ද්‍රතිලක මහත්මියත් සහභාගි වෙති.

මීට අමතරව ලංකා කම්කරු සමිතියේ හා ලංකා කම්කරු පක්ෂයේ මැයි දින උලෙළ මැයි 1 වැනිදා පෙරවරු 11 ට පිටකොටුව ගුණසිංහ ප්‍රතිමාව අබියසදී සිදු වන බව ද කම්කරු සමිතියේ සභාපති විජිත කදිරගොන්න මහතා පවසයි. 

Comments