ධීවර වරායවල අතහැර දැමූ බෝට්ටු සියල්ල විනාශ කෙරේ | සිළුමිණ

ධීවර වරායවල අතහැර දැමූ බෝට්ටු සියල්ල විනාශ කෙරේ

ධීවර‍ වරාය හා නැංගුරම් තොටුපලවල එකතු වන කුණු කසල පළාත් පාලන ආයතන විසින් ඉවත් කිරීමට ද තීරණය විය. දැනට අතහැර දමා ඇති සියලු ම බෝට්ටු පෞද්ගලික සමාගමකට ලබාදී විනාශ කිරීමට ද තීරණය කෙරුණි.

පරිසර පොලිස් ඒකකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගෙන් ඉල්ලා සිටියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඩෙංගු තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ද නියමිත ය. එය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ ස්ථාපිත කරන අතර, ඩෙංගු රෝගීන් පිළිබඳ තොරතුරු ලැබුණු පසු ප්‍රතිකාර කිරීම සහ අවට ධූමායන කටයුතු විධිමත් කිරීමට ද මෙහිදී තීරණය විය. ඩෙංගු රෝගීන් සඳහා රෝහල්වල වෙනම වාට්ටු සංකීර්ණ හා තාවකාලික වාට්ටු ඉදිකිරීමට ද තීරණය කෙරුණි‍. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ඩෙංගු මදුරු කීටයින්ගෙන් සියයට 80 ක් නිවාස තුළ බෝවන බවත්, එම නිසා නිවාස පිරිසිදුව හා පවිත්‍රව තබාගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බවත් ය.

මෙම සාකච්ඡාවට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් රුක්මණී ගුණතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ‍ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සරත් අමුණුගම, ලක්ෂ්මී සෝමතුංග, හේමන්ත බෙනරගම, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, රෝහල් අධ්‍යක්ෂවරුන්, ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන්, අධ්‍යාපන, පරිසර, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යාංශවල නිලධාරීන්, අධ්‍යාපන, පරිසර, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යාංශවල නිලධාරීන්, පොලීසිය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පරිසර, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍යාංශවල නිලධාරීන්, පොලීසිය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එක්ව සිටියහ.

Comments