ජනමත විචාරණයක් ඕනෑ | සිළුමිණ

ජනමත විචාරණයක් ඕනෑ

 ඒකාබද්ධ විපක්ෂයේ ජාතිවාදයට හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දරන මතයට එරෙහි වන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි. එමෙන් ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරයකින් අනුමැතිය ලබා ගැනීමේ යෝජනාවට තමා එකඟ බව ද ඔහුගේ අදහසයි.

විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යෑම ජාතික එක්සත්කමට තර්ජනයක් වෙමින් යුද්ධයකට ද හේතු වන බව පවසන ඔහු විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සඳහා තරයේ පෙනී සිටින බව ද ප්‍රකාශ කළේ ය.

Comments