කෝටි 730ක වගා වන්දි ගෙවයි | සිළුමිණ

කෝටි 730ක වගා වන්දි ගෙවයි

රටේ දිස්ත්‍රික්ක 19ක පැවැති දරුණු නියඟය නිසා ඇති වූ වගා හානි වෙනුවෙන් ගොවි පවුල් ලක්ෂ 7ක් සඳහා රුපියල් කෝටි 730ක නියං සහනාධාර හා වගා හානි වන්දි ලබාදීමට සියලු කටයුතු සිදු කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතා පවසයි.

ලක්ෂ 7ක් වූ මෙතරම් පවුල් ගණනකට රුපියල් කෝටි 730ක වගා වන්දි ගෙවන ප්‍රථම අවස්ථාව මෙය බවත්, රජයේ මේ නව වැඩපිළිවෙළ යටතේ අසහනයට පත් වූ ගොවි පවුල් සාමාජික සාමාජිකාවන් ලක්ෂ 30කට පමණ සෙත සැලසෙන බවත් ‍සභාපතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි රටේ දිසාපතිවරන්ගේ ගොවිජන සේවා සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සහාය හා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ මෙහෙයවීමෙන් මේ යෝධ වගා වන්දි වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් සභාපති සිඩ්නි ගජනායක මහතා පවසයි.

වී වගා කිරීමෙන් පසු ජලය නැති වී වගා විනාශ වූ ගොවීන්ටත් ජලය නැති නිසා ම වී ගොවිතැන අතහැර දැමූ ගොවීන්ටත්, ජල හිඟය නිසා හානි වූ අතිරේක බෝග වගා කළ ගොවීන්ටත් මේ වැඩපිළිවෙළ යටතේ වන්දි ලබාදීමට පියවර ගෙන ඇත.

පසුගිය 11 වැනිදා වන විට අනුරාධපුරය, පොලොන්නරුව, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, බදුල්ල, රත්නපුර, වවුනියාව, යාපනය, මන්නාරම, ගම්පහ, ත්‍රිකුණාමලය, මාතලේ, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ගොවි පවුල් ලක්ෂ 4ක් සඳහා රුපියල් කෝටි 730ක...

 

කෝටි 400ක් පමණ බැංකු හරහා ගොවීන්ගේ ගිණුම්වලට යොමු කළ බවත්, ඉතිරි මුදල් ඉදිරි දිනවලදී මඩකලපුව, අම්පාර, මොනරාගල, බදුල්ල දිස්ත්‍රික්කවලට ගොවීන්ගේ ගිණුම්වලට ලබාදෙන බවත් සභාපතිවරයා පැවැසීය.

ගොවිජන සේවා දෙපාර්තමේන්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මඟින් ඉතා වෙහෙසක් ගෙන ගොවීන් ලක්ෂ 7කගේ වගා හානි පිළිබඳව කාර්යක්ෂම ලෙස සමීක්ෂණ කර මේ වන්දි ගෙවන බව පැවසූ සභාපතිවරයා මෙවැනි විශාල පිරිසකට මෙතරම් ඉක්මනට විශාල වන්දි මුදලක් ගෙවූ ප්‍රථම අවස්ථාව මෙය බව පැවසීය.

මේ මුදල් ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ආයතනවලට යොමු කර ඇති බවත් ඒ බැංකුවල ගිණුම් හිමි අයට ක්ෂණිකව ඒ මුදල් ලබාගත හැකි බවත් සභාපතිවරයා පැවසීය. 

 

Comments