උත්සව සමයේ කූට වෙළෙඳුන්ට හසු වී භාණ්ඩ මිල දී ගෙන ඇත්නම් ඒ පිළිබඳ වහාම පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන ලෙසත්, ඒ වෙළෙඳුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික අධිකාරිය පවසයි. මේ වන විට අප්‍රේල් මාසයේ ගෙවුණු දින කිහිපයේ දිවයින පුරා කරන වැටලීම් ලද වැටලීම්වලින් 900කට ආසන්න පිරිසක් හසු කරගෙන ඇතැයි වාර්තා වෙයි.
පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ උත්සව සමයේදී සේල්වලින් හෝ කඩ සාප්පුවලින් මිල දී ගත් භාණ්ඩවල ගැටලු ඇත්නම්, නැතිනම් ඒවාට වගකීම් කාලයක් ලබා නොදී ඇත්නම් පාරිභෝගික අධිකාරියට ලිඛිතව දැනුම් දී ඒ සම්බන්ධයෙන් සහන ලබාගත හැකි බවයි.
ලබාගත් භාණ්ඩයට බිලක් හා වගකීම් සහතිකයක් ලබා දෙන පාරිභෝගික...
භාණ්ඩයක් නම් එහි සහතිකය ඇත්නම් අංශ 3ක් යටතේ සහන ලබාදිය හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි. මිල දී ගත් භාණ්ඩයක අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කරදෙන ලෙස හෝ භාණ්ඩය සඳහා ගෙවූ මිල යළි පාරිභෝගිකයාට ලබා දෙන ලෙස හෝ එසේත් නැතිනම් ඒ වෙනුවට අලුතින් භාණ්ඩයක් ලබා දෙන ලෙස හෝ අලෙවිකරුට බලපෑම් කිරීමේ හැකියාව තම ආයතනයට පවතින හෙයින් කල් නොයවා ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස පාරිභෝගික අධිකාරිය දන්වා සිටියි.
උත්සව සමයේදී හෝ ඉන් අනතුරුව භාණ්ඩ මිල දී ගැනීමේදී පාරිභෝගිකයා වඩාත් කල්පනාකාරි විය යුතු බවත්, වගකීම් සහිත ආයතන හෝ වෙළෙන්දන් වෙතින් භාණ්ඩ මිල දී ගත යුතු බවත් පාරිභෝගික අධිකාරිය අවධාරණය කර සිටියි.
භාණ්ඩ සම්බන්ධයෙන් වූ පැමිණිලි 1977 අංකයට හෝ 0112399148 දරන ෆැක්ස් අංකයට හෝ "අධ්‍යක්ෂ ජනරාල්, පාරිභෝගික අධිකාරිය, නො. 27, වොක්ෂෝල් වීථිය, කොළඹ 2" යන ලිපිනයට එවන මෙන් ඉල්ලා සිටියි.