මෙරට අග නගරය වන කොළඹ සහ පාර්ලිමේන්තු අග නගරය වන ශ්‍රී ජයවර්ධන පුර බත්තරමුල්ල අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීම උදෙසා නව කැලණි පාලමේ අධිවේගී මාර්ගය නිමාවේ (කොළඹ - කටුනායක ) සිට වරාය හරහා 'පෝර්ට් සිටි' දක්වා සහ දෙමටගොඩ සිට රාජගිරිය, බත්තරමුල්ල හරහා මාලඹේ දක්වා නව ගුවන් අධිවේගි මාර්ග දෙකක් ඉඳි කිරීමට සැලසුම් කර ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මෙයින් එක් මාර්ග කොටසක් සඳහා අාසියානු සංවර්ධන බැංකුව විසින් ආධාර සපයනු ලබන බවත් මේ වන විට මාර්ගය ඉඳි කිරීම සම්බන්ධ සාක්‍යතා අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇති අතර ලබන වසරේ ටෙන්ඩර් කැඳවීමෙන් පසු එහි ඉඳි කිරීම් කටයුතු බාර දෙනු ලබන බවත් ඇමැතිවරයා පවසයි.
නව ගුවන් අධිවේගී මාර්ග දෙක ඉඳි කිරීමෙන් පසුව දැනට පවතින මාර්ග තදබදය බොහෝ දුරට නිමා වනු ඇතැයි ඒ මහතා කීය.