කැබි­නට් සංශෝ­ධ­නය ස්ථිරයි | සිළුමිණ

කැබි­නට් සංශෝ­ධ­නය ස්ථිරයි

මෙවර මැයි රැලියෙන් පසු ස්ථිර වශයෙන් ම කැබිනට් සංශෝධනයක් සිදු වන බව ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයෙක් ප්‍රකාශ කළේ ය. ඒ ඒ අමාත්‍යාංශවල ප්‍රගතිය පිළිබඳ වාර්තා මෙහිදී සැලකිල්ලට ගන්නා බව ද, ජනතා අප්‍රසාදයට හේතු වී ඇතැම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විෂය මාරුවක් කිරීමට සූදානම් බව ද වැඩිදුරටත් අනාවරණය වේ.

ඇතැම් ඇමතිවරුන් තම විෂය ක්ෂේත්‍රය පිළිබඳ දක්වන අඩු සැලකිල්ල, කළමනාකාරිත්වයේ දුර්වලකම්, දූෂණ සහ කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වයට හානි කෙරෙන හැසිරීම් යනාදිය කැබිනට් සංශෝධනයේදී බරපතළ අයුරින් සැලකිල්ලට ගෙන තිබේ. 

Comments