පාපන්දුවෙන් කෝටි හතරක ගැහිල්ලක්! | සිළුමිණ

පාපන්දුවෙන් කෝටි හතරක ගැහිල්ලක්!

 පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සිදු වී ඇතැයි කියන මහා පරිමාණ මුදල් අවභාවිතාවන් හේතුවෙන් රුපියල් කෝටි 4කට අධික මුදලක් අහිමි වීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව සිළුමිණට වාර්තා වේ.

ඉතාලි පාපන්දු සම්මේලනයෙන් ලද යූරෝ 40400ක්ද (රුපියල් ලක්ෂ 70ක් පමණ), ආසියානු පාපන්දු සම්මේලනයෙන් ලද යුරෝ 60000ක්ද (රුපියල් ලක්ෂ 100ක් පමණ), සුනාමි සහන සඳහා ලැබුණු ඇමෙරිකානු ඩොලර් 200000ක මුදලක්ද (රුපියල් ලක්ෂ 255ක් පමණ) මෙලෙස අවභාවිත කර ඇති බවට පැමිණිලි ලැබී ඇත‍. එමෙන්ම ආසියානු පාපන්දු තරගාවලියේ ආදායම් නිසි පරිදි ගිණුම්ගත කර නැති බවටද සම්මේලනයට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ පවත්වනු ලබන අතර, කෝප් කමිටුව විසින්ද 2016.08.09 දින විමර්ශනයන් සිදු කර කමිටු වාර්තාවක් නිකුත් කරනු ලැබ ඇත. 

Comments