කොළඹ සංවර්ධනයට යාචකයන්ගෙන් බාධා | Page 854 | සිළුමිණ

කොළඹ සංවර්ධනයට යාචකයන්ගෙන් බාධා

කොළඹ නගරය සංවර්ධනයට ස්ථිර යාචකයන් රැදී සිටීම මෙන්ම ගවයන් හා සුනඛයන් මහා මාර්ගයේ දිවි ගෙවීමත් විශාග ගැටලුවක් බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ විෂම නාගරික සැලැසුම් ක්‍රමවේදය නිසා කොළඹ නගරය හා අවට ස්ථිර යාචකයන් 600කට අධික පිරිසක් දිවි ගෙවන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ගවයන් 2000කට අධික සංඛ්‍යාවක් මහා මාර්ගයේ සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම සුනඛයන්ද 20000කට අධික සංඛ්‍යාවක් මහා මාර්ගයේ සිටීම නිසා නගර සැලැසුම් ක්‍රමයන්ට බාධාවක්ව පැවැතීමටත් වඩා අනතුරු සිදුවීමට එය විශාල හේතුවක්ව පවතින බවද ඒ මහතා කීය. කොළඹ වාණිජ නගරයක් ලෙස සංවර්ධනය කිරීමට මෙන්ම අග නගරය ලෙස සංවර්ධනය කිරීමේදී මේ සියලු අභියෝග ජය ගත යුතු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

Comments

පිටු