![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/03/24/22col----21xxxxx140852324_5435462_22032017_SSA_CMY.jpg?itok=AlM9eiBw)
දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය හා කොළඹ තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ මන්දිරයෙහි නිර්මාතෘ හොරණ කහටපිටිය කනන්විල දහම් පුහුණු මධ්‍යස්ථානයෙහි අධිපති මාතර වෙහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ ශ්‍රී රේවත මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී කිරම විමලජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරනු ලබන ලෝක ශාසනික සේවාව අගයනු වස් උන්වහන්සේට ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය ප්‍රදානය කොට ඇත.
උන්වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර හා විජිණිපත පිළිගැන්වීමේ මහෝත්සවය අද (26) දින ප.ව. 3.00 ට කෝට්ටේ ශ්‍රී රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී ශ්‍රී මහා විහාර වංශාලංකාර ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අභිනව නායක මාහිමිපාණන් වහන්සේට සෙත්පතා සිදුකරන ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කම මාර්තු 31 වැනි දින ප.ව. 4.00 ට ගල්කිස්ස - ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ශ්‍රී ඤාණිස්සර මහානායක හිමිපාණන් ද මල්වතු පාර්ශ්වයේ දකුණු දිසාවේ ප්‍රධාන සංඝ නායක රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති, ශ්‍රී රෝහණ සංඝ සභාවේ මහානායක උඩපලගම මහින්ද කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක පිඹුරේ උදිත යන නායක ස්වාමීන් වහන්සේ සහ කථානායක කරූ ජයසූරිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ගිහි සම්භාවනීය අමුත්තෝ රැසක් ද මේ අවස්ථාවට සහභාගි වෙති.