ලක්ෂයක මඟුල් මුද්ද අහුලා අයිතිකරු සොයා බාර දෙයි | Page 5 | සිළුමිණ

ලක්ෂයක මඟුල් මුද්ද අහුලා අයිතිකරු සොයා බාර දෙයි

කන්කසන්තුරයේ සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සුඛෝපභෝගී දුම්රිය අනුරාධපුර පසු කර ගමන් කරමින් තිබුණි. දුම්රියේ සිටි බහුතරයක් මඟීන් අඩ නින්දේ පසු විය. මේ අතර දුම්රියේ ගමන් කරමින් සිටි ප්‍රවේශ පත්‍ර පරීක්ෂක එච්. ජී ප්‍රනාන්දු මහතාට එහි 'ඊ' මැදිරියේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් රන් මුදුවක් හමු විය. කිසිවකු නොදුටු මේ රන් මුද්ද අහුලාගත් ඔහු එහි හිමිකරු සොයා ගිය මුත් හමු නොවීය.

හිමිකරුවෙක් වෙත්නම් තමා ආපන ශාලාවේ සිටින බැවින් හමු වන ලෙස ප්‍රසිද්ධියේ මඟීන්ට දැන්වූ ඔහු ආපන ශාලාවේ සිටින විට පැමිණි ආරක්ෂක අංශයක සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එම මුද්ද ඔහුගේ බව අනන්‍යතාව තහවුරු කරමින් පැවසීය. මුද්ද ඔහුට ලබා දුන් මේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂකවරයාට ස්තුතිය පළ කර ආරක්ෂක අංශයේ නිලධාරි‍යා පවසා සිටියේ තමා කිලිනොච්චියේ සිට කොළඹට පැමිණීමේදී තම මඟුල් මුද්ද එසේ අස්ථානගත වූ බවත් එම සේවකයාගේ උදාර කාර්යය සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාටද ලිපියක් මඟින් දන්වන බවත්ය.

දුම්රියට නිරතුරුවම ගල් මුල් එල්ල වුවත් තමන්ගේ වැටුප මෙන් තුන් හතර ගුණයක් වටිනාකමින් යුත් මේ මඟුල් මුද්ද ආපසු ලබා දීමෙන් මේ නිලධාරියා විසින් සිදු කර ඇත්තේ මහත් වූ අවංක සේවයකි.

සේයාරුව - රංජිත් අසංක 

Comments

thawamath ape rate awanka pudgalayan sitina bawa me kathawen pahadili wenawa. Methumata ithamath watina thaggak (present) laba denna, anith ayatath paadamak wenuwen !!!!

thawamath ape rate awanka pudgalayan sitina bawa me kathawen pahadili wenawa. Methumata ithamath watina thaggak (present) laba denna, anith ayatath paadamak wenuwen !!!!

පිටු