මහනුවර ‘ගුඩ්ෂෙඩ්’ වායු දූෂණයෙන් මුලට | සිළුමිණ

මහනුවර ‘ගුඩ්ෂෙඩ්’ වායු දූෂණයෙන් මුලට

 අපේ රටේ වායු දූෂණය පිළිබඳ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රධාන නගර 10 ක් ඇතුළත කළ අධ්‍යයනයක් අනුව මෙරට වායු දූෂණය වැඩිම ස්ථානය මහනුවර ‘ගුඩ්ෂෙඩ්’ බස් නැවතුම බව අනාවරණය වී ඇත.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ එච්.ඩී.එස්. ප්‍රේමසිරි මහතා පවසන්නේ මහනුවර, කොළඹ බස්නැවතුම හෙවත් ‘ගුඩ්ෂෙඩ්’ බස් නැවතුමේ පවතින වායු දූෂණ තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපරිම වායු දූෂණ ප්‍රමිති මට්ටමට වඩා බොහෝ වැඩි බවයි.

මහනුවර නගරය කඳුවලින් වටවී පැවතීම නිසා එම තත්ත්වය වැඩි වශයෙන් ඇතිවී ඇත. ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් කළ අධ්‍යයන අනුව මහනුවර ඔරලෝසු කණුව අසල හා කොළඹ වීදියේ ද වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ වායු දූෂණ ප්‍රමිති මට්ටමට වඩා වැඩි බව හෙළිවී ඇත.

මීට අමතරව කොළඹ නගරයේ මරදාන, බොරැල්ල, පෑලියගොඩ, පුරහල, වැල්ලවත්ත යන ප්‍රදේශවල වායු දූෂණ මට්ටම් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති මට්ටම් ඉක්මවා යන බවද ප්‍රේමසිරි මහතා පවසයි.

2012, 2013 ට වඩා ‍කොළඹ වායු දූෂණය 2015 වසරේදී අඩු වූ බවත් මේ වසරේදී යළි වැඩි වන බව පෙන්නුම් කරන බවද ඔහු කියයි. 

Comments