ස්වාධීන කොමිසන් සභාවන්හි සාමාජිකයන්ට ගෙවීමට යෝජනා වී ඇති දීමනාව පස් ගුණයකින් වැඩි කර ගැනිමට ගිය මුදල් අමාත්‍යාංශ ඉහළ නිලධාරියකු නිසා අනෙකුත් කොමිසන් සභා නිලධාරින්ටත් එම දීමනාව ලබා ගැනීමට වැට බැඳී ඇතැයි පැවසේ. ස්වාධීන කොමිසන් සභාවලට සහභාගී වන සාමාජිකයන්ට තමන් සහභාගි වන එක් සභා වාරයක් සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබා දීම සඳහා වු මේ යෝජනාව රජයේ ප්‍රබල ඇමැතිවරයකු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට කටයුතු සුදානම් කර තිබුණද මුදල් අමාත්‍යාංශයේ මේ නිලධාරියා එය වෙනස් කොට එම දීමනාව මාසයකට රුපියල් 50,000ක් ලෙස වැඩි කර සඳහන් කර තිබේ.
තමන් සකස් කළ යෝජනාව වෙනස් කර මෙතරම් ඉහළ මුදලක් එක් සභාවාරයක් සඳහා ගෙවීමට කටයුතු යෙදීම පිළිබඳ උරණ වූ ඇමැතිවරයා, රජයේ මුදල් මෙසේ නාස්ති කර තම මඩිය තර කර ගැනීමට උත්සාහ කළ නිලධාරියා සැකසු යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම නවතා දමා ඇත.