යොවුන් පුරයට සියල්ල සූදානම් | සිළුමිණ

යොවුන් පුරයට සියල්ල සූදානම්

 ජාතීන් අතර සංහිඳියාව වඩවන හා මෙරට තරුණ පරපුරට ඉදිරියට යාමට අත දෙන සහයෝගිතාව ඇති කරන මෙවර යොවුන් පුරයට සියල්ල සූදානම් බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්.ජී.එස්. එරන්දක මහතා පවසයි. මෙවර යොවුන් පුරයට මෙරට තරුණ තරුණි­ෙයා් 6000ක් හා විදේශීය තරුණ තරුණි­ෙයා්100 ක් එක්වෙති.

‘අනාගතය ඇරඹුණා’ යන තේමාව යටතේ මෙවර ත්‍රිකුණාමලයේ මැක්නෙයිරේ ක්‍රීඩාංගණයේදී අප්‍රේල් 29 වැනිදා අරඹන මෙවර යොවුන් පුරය අප්‍රේල් 1 වැනිදා අවසන් වේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මෙහෙයවීම මත ආරම්භ කෙරුණු යොවුන් පුරය වැඩපිළිවෙළ යටතේ වසර 27 ක් වූ පසුගිය වස‍ෙර් සීගිරියේදී යොවුන්පුරය යළි ආරම්භ වූ බවත් සභාපතිවරයා පවසයි.

එහි දෙවන පියවර මෙවර ත්‍රිකුණාමලයේ යොවුන්පුරය පවත්වන බවත් මෙවර යොවුන්පුරයේදී ජාතික සංහිඳියාවට හා යටපත් වූ තරුණ දස්කම් එළිදක්වා ඔප මට්ටම් කිරීමට ප්‍රමුඛතාව දක්වන බවත් සභාපතිවරයා පවසයි. 

Comments