සිවිල් ආරක්ෂකයෝ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් මිලියන 1055ක් දෙති | සිළුමිණ

සිවිල් ආරක්ෂකයෝ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් මිලියන 1055ක් දෙති

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී 2015 වසරට වඩා තෙගුණයක මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ලබාදුන් බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි.

ඒ අනුව 2015 වසරේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් පසුගිය වසරේදී රජයේ අරමුදලට රුපියල් මිලියන 323ක් ලබාදුන් අතර, 2016 වසරේදී රජයේ ඒකාබද්ධ අරමුදලට ලබාදුන් මුදල මිලියන 1055 දක්වා තුන් ගුණයකින් ඉහළ ගිය බවද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

2014 වසරේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රජයේ අරමුදලට රුපියල් මිලියන 69ක් ලබාදී ඇත. 2016දී දෙපාර්තමේන්තුව රජයට ලබාදුන් ආදායම් වැඩි වූයේ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති කෘෂිකාර්මික වගා කටයුතු, රාජ්‍ය ආයතන ආරක්ෂක කටයුතු හා පුරාවිද්‍යාත්මක ආරක්ෂක කටයුතු මඟින් වැඩි ආදායමක් දෙපාර්තමේන්තුව උපයාගත් නිසා බවත් අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසයි. 

Comments