![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/03/04/train.jpg?itok=iEn5sVot)
ශ්‍රී ලංකාවේ දුම්රිය ධාවනය වඩා විධිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ණය ආධාර යටතේ ඉන්දියාවෙන් නව ද්විත්ව බලවේග කට්ටල දුම්රිය 6 ක් සහ නව දුම්රිය එන්ජින් 10 ක් ලබාගැනීමට කටයුතු කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි බී. ඒ. පී. ආරියරත්න මහතා සිළුමිණ ට කීය.
මේ සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 100.5 ක මුදලක් ලබාදෙන අතර ඒ සඳහා වන ගිවිසුමට පසුගිය සිකුරාදා (03) දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හා ඉන්දියානු ආර්ථික කවුන්සිලයේ සුජා කේ මැනොත් අතර අස්සන් කෙරුණි. මෙම දුම්රිය හා එන්ජින් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය යටතේ පවතින කර්මාන්ත ශාලා වලිනි.