
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 9වන වාට්ටුවේ ප්‍රතිකාර ලබා පිටව යාමට සිටින දරුවන් එහි වෛද්‍ය වරුන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙළ හේතුවෙන් නිසි වේලාවට රෝහලින් පිටව යාමට නොහැකිව දැඩි අපහසුතාවට පත්වන බව අදාළ දරුවන්ගේ මවුපියෝ ප්‍රකාශ කරති.
බදුල්ල, ගලපිටමඩ, හොරණ ආදී ඈත ප්‍රදේශවලින් ප්‍රතිකාර සඳහා නවය වාට්ටුවට පැමිණි දරුවන් සහ මවුපියන් රැසක් පසුගිය දිනවල නිසි වේලාවට පිටව යාමට නොහැකි වී රාත්‍රීය පැමිණිමත් සමඟ දැඩි අපහසුතාවට පත්වූ බව සිළුමිණට ප්‍රකාශ කළ මවුපියන් පිරිසක් මේ පිළිබඳ අදාළ බළධාරීන්ගෙන් නිසි පියවර ඉක්මනින් ගන්නා ලෙස ඉල්ලා සිටී.
රාත්‍රී කාලයේදී ටිකට් කපා ලෙඩුන් රෝහල්වලින් බැහැර කිරීම නීති විරෝධී බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
 
 









