පිළිකා බේත් ආවේ හරි පාරේ | සිළුමිණ

පිළිකා බේත් ආවේ හරි පාරේ

පියයුරු පිළිකා සඳහා වූ ඖෂධය රුසියාවෙන් මිලදී ගැනමේදී කිසිදු මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී නොමැති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

එම ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයට ලබාගැනීමේ දී තාක්ෂණික ඇගයීම් කමිටු සභාපතිවරයා ලෙස තමා කටයුතු කළ බවත් හෙතෙම පවසයි.

ඒකාබද්ධ විපක්ෂය දේශපාලන වාසි ගන්න ඉදිරිපත් කරන චෝදනාවල කිසිදු සත්‍යයක් නොමැති බව ඒ මහතා අවධාරණය කරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිසි විමර්ශනයකින් යුතුව මේ ඖෂධය ලියාපදිංචි කළ බවත් එමඟින් විශාල මුදල් වාසියක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව ඇත.

Comments