ජාන තාක්ෂණයේ නව නැම්මක් | සිළුමිණ

ජාන තාක්ෂණයේ නව නැම්මක්

 ජාන විද්‍යාව හැදෑරීම සඳහා නව මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගැනේ. මේ සඳහා රුපියල් මිලියන 50 ක් වෙන්කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා කීය. මෙමගින් කෘෂිකර්මාන්තයේ නව නැම්මක් ඇතිකිරීමට අවස්ථාව සැලසේ.

පාසල්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන පිරිසට මෙන්ම මේ ගැන පර්යේෂණයන්හි නියැළෙන්නන්ට මෙමගින් සෙත සැලසේ. ආයෝජකයන්ට බදු සහන ලබාදීමට සූදානම් බවද ආචාර්ය සමරතුංග මහතා පැවසීය. පරීක්ෂණ සහ නව සොයාගැනීම් කෙරෙහි විශ්වවිද්‍යාලවල සිටින විද්‍යාර්ථින් යොමු කිරීමටත්, ඔවුන්ට වැඩි පහසුකම් ලබාදීමටත් රජය පියවර ගන්නා බව ද හෙතෙම පවසයි. 

Comments