ඊ-නිව්ස් පෙත්සම් සංශෝධනයට | සිළුමිණ

ඊ-නිව්ස් පෙත්සම් සංශෝධනයට

 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි ප්‍රධානී සඳරුවන් සේනාධීර මහතා ට එරෙහිව ඉදිරිපත්කොට ඇති පෙත්සම් 14ක් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය හිමිවෙයි.

ඒ අනුව ඔහු දැනට පදිංචි ලිපිනය පෙත්සම්වලට ඇතුළත් කිරීමට නියම කෙරිණි.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවිණි.

නීතිඥ ඕවිටිග විතානගේ මධුර විතානගේ විසින් මෙම පෙතස් 14 ගොනු කර තිබුණි.

මහේස්ත්‍රාත්වරුන් ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විවිසුරුවරුන් දක්වා විනිසුරුවරුන් 21ක් සම්බන්ධ පුවත් 14ක් ලංකා ‘ඊ’ නිව්ස් වෙබ් අඩවියෙහි පළ කරන ලද බව පෙත්සම්වල සඳහන් විය.

ලංකා ඊ නිව්ස් ප්‍රධානී සඳරුවන් සේනාධීර මහතා අධිකරණ පද්ධතියටම අපහාසයක් කර ඇතැයි පෙත්සම්වල සඳහන් විය. 

Comments