පුංචි ඡන්දෙ කඩිමුඩියේ බෑ | සිළුමිණ

පුංචි ඡන්දෙ කඩිමුඩියේ බෑ

පළාත් පාලන ආයතනයන්හි මන්ත්‍රී ධූර ප්‍රමාණය කෙතෙක්ද යන්න ගැසට් කිරීමෙන් සහ පළාත් පාලන මැතිවරණයකදී තරග කළ යුතු කාන්තා නියෝජනය කොතෙක්ද යන්න පැහැදිලි කරන සංශෝධනය ඉදිරිපත් කිරීමෙන් පසුව පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කළ හැකි බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. සීමා නිර්ණ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පමණක් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ නොහැකි බව පෙන්වා දෙමින් ඇමැතිවරයා පැවැසුවේ එම සංශෝධනය කඩිනම්ව ඉදිරිපත් කිරීම මගින් මැතිවරණය නුදුරේදීම පැවැත්වීමට හැකි බවයි. 

Comments