හාල් මෙ.ටො. ලක්ෂ 10ක් වෙළෙඳපොළට | සිළුමිණ

හාල් මෙ.ටො. ලක්ෂ 10ක් වෙළෙඳපොළට

ඉදිරි සති දෙක තුන ඇතුළත මෙරට වෙළෙඳ පොළට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ලැබෙනු ඇතැයි ද එමඟින් මෙරට සහල් අර්බුදය විසඳී සහල් මිල අඩුවී විවෘත වෙළෙඳ පොළට හාල් ඇති තරම් ලැබෙනු ඇතැයිද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර හා ප්‍රතිපත්ති සහ කෘෂි ව්‍යාපාර අංශයේ අධිපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

පිටරට සහල් ක‍ිලෝ ලක්ෂ 2 1/2ක් මෙරටට ගෙන්වීමටත් මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් ළඟදීම වෙළෙඳ පොළට පැමිණීමත් නිසා මේ තත්ත්වය උදාවෙනු ඇති බවත් ඔහු කියයි.

මෙරට සහල් අර්බුදය අවම කිරීමට සහල් මෙට්‍රික් ‍ටොන් ලක්ෂ 2 1/2ක් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි ද දැනට ලක්ෂයක් ගෙන්වා ඇතැයිද දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

ඊට අමතරව ඉදිරි සති දෙක තුන ඇතුළත අපේ රටේ 2016 / 2017 මහ කන්නයේ වී අස්වැන්න ලෙස වී මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් වෙළෙඳ පොළට එන බවත් ඒ අනුව ඉදිරියේදී සහල් මිල අඩුවනු ඇති බවත් දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.

මෙවර මහ කන්නයේ වී අස්වැන්න බොහෝදුරට අඩුවෙනු ඇතැයි මුලදි තීරණය කළත් පසුව වර්ෂාව තරමක් ලැබීමෙන් පසු ඉඩම් හෙක්ටයාර ලක්ෂ 5ක් වී වගා කිරීමට හැකිවිය. ඉන් ඉදිරි මාසය ඇතුළත වී මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක් ලැබීමට නියමිතව ඇත. එමඟින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් වෙළෙඳ පොළට ලැබෙනු ඇතැයි ප්‍රියදර්ශන මහතා කීය.

Comments