වැටුප ඩොලර් 450ට අඩු නම් රට රැකියා බෑ | සිළුමිණ

වැටුප ඩොලර් 450ට අඩු නම් රට රැකියා බෑ

 විදෙස්ගත වන ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් හාරසිය පනහ දක්වා වැඩි කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදෙස් රැකියා‍ සඳහා පිටත්වන නුපුහුණු ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් තුන්සිය පනහක් ලෙසද සංශෝධනය කර ඇත. මෙවර අයවැය යෝජනා මගින් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඉහළ දැමීමට අදාළ යෝජනාවක් ද ඉදිරිපත් කර තිබිණ. ඒ අනුව පසුගිය 2වැනිදා සිට මෙය ක්‍රියාත්මක කරන්නට පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

නව සංශෝධිත අවම වැටුප් සඳහා පමණක් මින් ඉදිරියට කාර්යාංශය අනුමැතිය ලැබේ. අවම වැටුප් කාණ්ඩ දෙකට අයත්වන, රැකියාවන් පිළිබඳව තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දුරකතන අංකවලින් ජනතාවට දැනගත හැකිය‍

011 2 864 107 , 011 2 880 500- ,011 2 251 148 - 011 2 251 386 - විසිහතර පැය සේවාව 1989 - ක්ෂණික ඇමතුම් අංකය යන අංක වලින් මේ පිළිබඳ තොරතුරු ලබාගත හැකි ය. 

Comments