ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බවත්, මේ වන විට නාමයෝජනාවලින් සියයට අනූවකටත් වඩා සකසා අවසන් කර තිබෙන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
පක්ෂය තරග කරන්නේ කුමන ළකුණක් යටතේ ද යන්න තාම තීරණය කර නොමැති බව ඇමැතිවරයා පවසයි.
හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව වෙනම තරග කරන් නේ නම් එය ඔහුගේ දේශපාලනයේ අවසන් ජවනිකාව බවද ඇමතිවරයා කියයි.