භ්‍රමණය නොවන ඩයිනමෝවෙන් හිතේ හැටියට විදුලිය | සිළුමිණ

භ්‍රමණය නොවන ඩයිනමෝවෙන් හිතේ හැටියට විදුලිය

ඩයිනමෝව හෙවත් විදුලිය ජනක යන්ත්‍රය අප සැමට ඉතා හුරු පුරුදු මෙවලමකි.

බයිසිකල් ඩයිනමෝවේ සිට විදුලි බලාගාරවලින් බලය සපයන දැවැන්ත විදුලිය ජනක යන්ත්‍ර දක්වා මෙහි දස්කම්, එය සොයාගැනීමේ සිට මේ දක්වා අපට දැකිය හැකිය.

ගමේ මඟුල් ගෙදර සිට, අලංකාරවත් රැස් වළලු විදුලියෙන් මවන වෙසක් තොරණ දක්වා ඒකාලෝක කරන මේ යන්ත්‍රය අපේ සංස්කෘතික අංගයක් බවට පත් වී ඇත්තේ මෙයට දශක හතකට පමණ පෙර සිටය.

රැයෙහි ලොවට ආලෝකය ලබා දෙන, දිවා කලෙහි නොයෙකුත් කර්මාන්ත සඳහා බලය සපයන මේ යන්ත්‍රය සොයා ගත්තේ මයිකල් පැරඩේ නමැති බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රකට නව නිපැයුම්කරුවා හා විද්‍යාඥයා විසිනි.

ඔහු තමාගේ යන්ත්‍රයෙන් විදුලිය උත්පාදනය කළේ, කම්බි දඟර සමුහයක් එතූ දණ්ඩක් හෙවත් ආමේචරයක් තිරස් ලෙස කාන්දම් අග්‍ර දෙකක් අතර තබා එහි අක්ෂය වටා එම ආමේචරය යාන්ත්‍රික බලයක් මගින් වේගයෙන් භ්‍රමණය කරවීමට සැලැස්වීමෙනි.

උතුර සහ දකුණ යනුවෙන් පිළිවෙළින් හඳුන්වනු ලබන එම චුම්භක අග්‍ර දෙක සම්බන්ධ කරමින් ගලා යන චුම්භක බල රේඛා හෙවත් කාන්දම් බලය සහිත චුම්භක ක්ෂේත්‍රය එයට ලම්බකව භ්‍රමණය වන කම්බි පොටවලින් කැපීයෑම නිසා, ඉහත කී යාන්ත්‍රික හා චුම්භක යන බල දෙකට සම්පූර්ණයෙන් වෙනස් වන බලයක උපත සිදු විණ. එනම්, දඟරය තුළින් විද්යුතය ජනිත වීමයි. තනිව ගත් විට, යාන්ත්‍රික හා චුම්භක යන ශක්තීනට විද්‍යුතය නිපදවීමට නුපුළුවන.

එහෙත්, මෙහි ප්‍රධාන අවාසි දෙකක් ඇත. එනම්, යොදවන යාන්ත්‍රික ශක්තියෙන් එහි අගයට සමාන විද්යුත් ශක්තියක් ලබාගැනීමට නොහැකි වීමයි. එනම්, එම යාන්ත්‍රික ශක්තියෙන් කොටසක් ශබ්දය හා තාපය සඳහා වැය වීමයි.

නව නිපැයුම්කරුවා වනාහි අසම්මත සිතුවිලි තුළින් සම්මත ගණයේ නිර්මාණ බිහි කරන්නා වේ. මේ ඩයින්මෝව නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සලකන්නේ නම්, මෙතෙක් භාවිතයේ ආ ගොරෝසු ගණයේ ක්‍රියාවක් වන, ආමේචරය වැර යොදා කරකැවීම වෙනුවට, එය නිසලව තබා, අනවරතව හා නිහඬව සිදුකෙරෙන චුම්බක ක්ෂේත්‍රය ඇති කිරීම සහ නැති කිරීම යොදාගෙන හෙවත් වරින් වර ඇති වන කාන්දම් බල රේඛාවලින් කම්බි දඟරය කැපීමට සැලස්වීමයි.

මෙය ද, ඉතා සරල හා සියුම් ක්‍රමෝපායක් මඟින් ඉටු කරගත හැකිය. කාන්දම් බල රේඛා ගමන් කිරීමට නොහැකි ද්‍රව්‍යයකින් නිපදවන ලද තුනී තහඩුවක් මේ සඳහා අපට උපයෝගී කරගත හැකිය. බාහිර බලයක් මඟින් අවශ්‍ය ලෙස ඇරීමට හා වැසීමට හැකි සියුම් සිදුරු රාශියක් මෙහි තනා ඇත. මෙහිදී, අප විසින් යොදනු ලබන බලය වන්නේ හිරු එළියයි. සිදුරු වැසුණු පසු කාන්දම් බලයට තහඩුව හරහා ගමන් කළ නොහැක. සිදුරු ඇරුණු විට දී කාන්දම් බල රේඛාවනට තහඩුව හරහා ගොස් කම්බි දඟරය වරින් වර කැපිය හැක. සිදුරුවල ඇරීම හා වැසීම ඉතා ශීඝ්‍රව සිදුවන විට, වේගවත් ලෙස සිදු වන දඟරය කැපීම කරනකොටගෙන ප්‍රබල විදුලිය දහරක් නිපදවිය හැකිය.

අප විසින් මෙහි දී භාවිත කරන තහඩුව හා සමාන ඒවා දැනටමත් විද්‍යාඥයන් විසින් නිපදවා ඇත. මෙයින් එක් වර්ගයකට අයත් තහඩුවක් මේ සමඟ ඇති රෑප සටහනේ දක්වා ඇත. ඇසෝබෙන්සීන් නම් රසායනිකයට අයත් අණු මේ තහඩුවට ඈඳා ඇත. පාරජම්බූල කිරණ මේ තහඩුවේ පෘෂ්ඨය මතට පතිත වූ විට මේ අණු නැමීම ද, දෘශ්‍ය ආලෝකය හමුවේ ඒවා ඇදීම ද සිදු වේ. මේ අනුව, පාරජම්බූල කිරණ හා දෘශ්‍ය ආලෝකය මාරුවෙන් මාරුවට තහඩුව මත පතිත වීමට සැලැස්වූ විට ඉහත නැමීම හා ඇදීමේ ක්‍රියාව ප්‍රත්‍යාවර්තව සිදු කළ හැකිය. වෙනත් වචනවලින් කිව හොත්, මේ ක්‍රියාවලිය මඟින් සිදුරු ලොකු සහ කුඩා කිරීම කළ හැකිය.

එහෙත්, මෙවැනි සංකීර්ණ යන්ත‍්‍රණයක් අනුගමනය නොකර, ඒ වෙනුවට, සාමාන්‍ය හිරු එළිය කඩින් කඩ තහඩුව මතට පතිත කිරීමේ සරල ක්‍රියාවලියකින් වුවද අපට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගත හැකිය. මේ හිරු එළිය මුවා කිරීම සහ එය නිරාවරණය කිරීමේ යන්ත්‍රණයට අවැසි ශක්තිය සුර්ය තාපය තුළින් එක එල්ලේම ලබාගත හැකිය.

මේ අනුව, සිදුරු ඇරුන විට ඒවා තුළින් තහඩුව හරහා චුම්භක බල රේඛා ගමන් කිරීමද, සිදුරු වැසුණු විට, තහඩුව හරහා ඒවා ගමන් නොකිරීම ද සිදුවේ. මෙසේ, කාන්දම් බල රේඛාවලින් කම්බි දඟරය වරින් වර කැපීම නිසා විදුලිය දහරක් එය තුළ නිපදවීම සිදු වේ.

ශ්‍රී ලංකාවේ සියලු රාජ්‍ය ආයතනවලට අවශ්‍ය විදුලිය බලය සූර්ය කෝෂ භාවිතයෙන් ලබාගැනීමට දැනටමත් රජය සැලසුම් කර ඇත. රජයේ තවත් යෝජිත ව්‍යාපෘතියක් වන හරිත ගොඩනැගිලි ඉදිකිරීමේ සැලැස්මට උචිත මෙවලමක් ලෙස මේ නිහඬ හා පරිසර හිතකාමී විදුලිය ජනක යන්ත්‍රය නිර්මාණය කර ඉන් ප්‍රයෝජන ගැනීමට සැවොම එක්වේවායැයි මම ප්‍රාර්ථනා කරමි.

තව ද, මේ නිහඬ සූර්ය බල ඩයිනමෝව පිළිබඳ නවෝත්පාදක සංකල්පය ලොවට පළමුවරට හෙළි කරන්නේ අපේ ශ්‍රී ලංකාවෙන් බවද ඉතා සතුටින් දන්වා සිටිමි.

 

 

(ලියාපදිංචි පර්යේෂණවිද්‍යාඥ, ලියාපදිංචි නවනිපැයුම්කරු, වරලත් රසායන විද්‍යාඥ, විශ්ලේෂණ රසායන විද්‍යාඥ, සහතික ලත් මැණික් විද්‍යාඥ, සහතික ලත් ආහාර හා සුවඳ විලවුන්, රස හා සංවේදක විද්‍යාඥ, ජාතික විද්‍යා හා තාක්ෂණ සම්මාන ලාභී, ද්‍රව්‍යතාක්ෂණ, ආහාර තාක්ෂණ හා ස්වාභාවික ද්‍රව්‍ය පිළිබඳ පර්යේෂණ විද්‍යාඥ)

මේ ලිපිය පිළිබඳ ඔබගේ ප්‍රතිචාර

පාඨක ප්‍රතිචාර
3D
සිළුමිණ
ලේක්හවුස් කොළඹ 10 ලිපිනයට එවන්න.
නැතහොත් 0112429266 අංකයට අමතන්න.

Comments

මේ මිනිහා හිතන්න ඕනෙ ඇලස්කාව වගේ අව්ව නැති රටවල මිනිස්සු කොහොමද මේක කරන්නෙ කොහොමද භාවිත කරන්නෙ කියලා.අනෙක මේ වගේ දෙයක් ප්රායෝගිකව කරනකොට මේ යකා කියනව වගේ කරන්න අමාරැයි යන වියදම් වැඩ කුලිය ඉතා අදිකයි.පිං අයිතිවෙයි සමන් මහත්තයෝ ලංකාවෙ කවදාවත් කැරනොකරවෙන ඩයිනමෝ ති⁣බ්බෙත් නෑ ඒකියලා විදුලි නැතිවුනෙත් නෑ.කරැණාකර පොඩිහිටියන්⁣ ගෙයි වැඩිහිටියන්ගෙයි ඔලු පිස්සු වට්ටන්නෙ නැතිව මේ විලම්බීත ලියන එක නවත්තනව.කෙරෙන දෙයක් ⁣ගැන කතාකරනවා.පත්තර මහත්තුරැන්ටය මේ දෙයක් දාන්න කලින් ප්රායෝගික බව ගැන හිතන්න.එහෙම හිතුවතුවනම් මේ විලම්බීත පලවෙලා පත්තරේ හෑල්ලුවෙන්නෙනෑ

This is foolish article. My question is how start this project?if start this project but actually face big problems ex- high paid of this project,sun light low places cannot support this machine is big problems in this project.main problem is if starting this but face many big practically problems.this foolish writer not thinking about practical problems of this. Attention news papers publishers please two times think before public the article.

මේ මැටි මෝල් හුචක්කු පත්තරේ දාන්න එපා.මේක කිසිම දවසක අපේ රටේ කරන්න අපහසුයි.අනෙක මේක ලියපු එකා ගැන මම පුද්ගලිකව දන්නවා.මේක මහ පිස්සු යකෙක් මූ නටපු පිස්සු දන්නෙ කලින් මූ වැඩ කරපු තැන අය.විද්‍යාත්මක දෙයක් පලකරන්න කලින් ලේඛකය ගැන හොයන්න එහෙම නැතුව මේ වගේ පිස්සන්ගෙ ලිපි මින් ඉදිරියට පල කළොත් අපි ලේක් හවුස් පත්තර වර්ජනය කරනවා!

මේ මැටි මෝල් හුචක්කු පත්තරේ දාන්න එපා.මේක කිසිම දවසක අපේ රටේ කරන්න අපහසුයි.අනෙක මේක ලියපු එකා ගැන මම පුද්ගලිකව දන්නවා.මේක මහ පිස්සු යකෙක් මූ නටපු පිස්සු දන්නෙ කලින් මූ වැඩ කරපු තැන අය.විද්‍යාත්මක දෙයක් පලකරන්න කලින් ලේඛකය ගැන හොයන්න එහෙම නැතුව මේ වගේ පිස්සන්ගෙ ලිපි මින් ඉදිරියට පල කළොත් අපි ලේක් හවුස් පත්තර වර්ජනය කරනවා!

උබ තුමන්ලාට මෙම ලිපිය වැරදි ලිපියක් හා මෙහි ලේඛකයාගේ වැරදි බව මීට පෙර අවස්ථා තුනකදී මා හා මා මිතුරන් දැනුම් දුන් නමුත් තවමත් ඒ අදහස් මේ පිටුවේ පල නොවීමෙන් හැගෙන්නේ ඔබ තුමන්ලා හා මේ ආධුනික ලේඛකයා අතර මෙගා ඩීල් ඇති බව නොවේද? ඔබ තුමන්ලා තවදුරටත් සමන් වීරරත්න නම් විද්‍යා උන්මත්තක පිස්සාගේ ලිපි පල කලහොත් අප ජනමාධ්‍ය අමාත්‍යවරයාට පෙත්සමක් මාර්ගයෙන් පැමිණිලි කරන බව කණගාටුවෙන් යුතුව දැනුම් දෙමු.මන්ද මෙවැනි පරස්පර විරෝදී මැටි මෝල් විද්‍යා ලිපි පලවීමෙන් විද්‍යාවට දැවැන්ත හානියක් සිදුවන අතර අනගත පරපුරද මේ මල හෝන්තු පට්ටපල් බොරැ ගැන සිතා පිස්සන් බවට පත්වෙයි.

පිටු