![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/01/27/n-3.jpg?itok=zIq-v6oS)
බරපතළ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා පිහිටුවා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හෙවත් එෆ් සී අයි ඩීය නීත්‍යනුකූල ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විවාදයක් ලබාදිය හැකි බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (27) පැවසීය.
එෆ්සීඅයිඩී ය නීති විරෝධි ඒකකයක් බවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරයකු සිදුකර ඇති ප්‍රකාශයක් පුවත්පතක පළවී ඇති බවත් ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදුකරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.