බූවල්ලන් රට පටවයි | සිළුමිණ

බූවල්ලන් රට පටවයි

 විදේශ වෙ‍ළෙඳපොළේ හොඳ ඉල්ලුමක් පවතින ජලජිවී විශේෂයක් වන බූවල්ලන් අපනයනය කෙරෙහි ධීවර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් වූ නියමු ව්‍යාපෘතියක් කොරියානු ආධාර යටතේ මන්නාරම් ප්‍රදේශයේ දී සිදු කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

විශේෂයෙන් කොරියානු ජනතාව ආහාර වර්ග සකස් කිරීමට දැඩි රුචිකත්වයක් දක්වන බූවල්ලන් අපනයනය සඳහා ක්‍රමවත්ව අස්වනු නෙළා ගැනීම මෙම නියමු ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.

බුවල්ලන් ඇල්ලිම සඳහා යොදා ගන්නා උගුල් (octopus trap) ලක්ෂ 02ක් කොරියානු සමාගමක් විසින් මන්නාරමේ ක්‍රියාත්මක නියමු ව්‍යාපෘතිය මගින් එම ධීවරයන්ට ලබා දි තිබේ.

කෙසේ වුවද මෙම ජලජීවි සම්පත තිරසාර ලෙස නෙළා ගත යුතු බවත්, මෙමඟින් සාගර පරිසරයට හානි පැමිණේද යන බවත් සොයා බලන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. 

Comments