1980 අංක 26 දරන ආහාර පනත අනුව මුද්‍රිත කොළවල කිසිම ආහාර ද්‍රව්‍යයක් එතීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති වජිර දසනායක මහතා පවසයි. ඒ අනුව ඉදිආප්ප, ආප්ප, පැටිස්, කට්ලට් ඇතුළු කිසිම කෑමක් පුවත්පත් කඩදාසිවල පමණක් නොව කිසිම මුද්‍රිත කඩදාසියක එතීම 1980 අංක 26 දරන ආහාර පනත අනුව රුපියල් 10000 ක් දක්වා දඩයක් හා සිරදඬුවමක් ලැබිය හැකි වරදක් බව දසනායක මහතා පවසයි.