අවුරුදු 12ක දැරියක් මවක් කළ දෙදරු පියා වසර 18කට පසු සිරගෙට
සමාජයක ශිෂ්ටත්වය තීන්දු කරන ලෝක සම්මත සංස්කෘතික නිර්ණායකයක් තිබේ. ඒ එම සමූහයේ දරුපැටවුන්ට සහ කාන්තාවන් විෂයෙහි සමාජය හැසිරෙන ස්වරූපය ය. අප ජීවත්වන්නේ මොන ජාතියේ රටකදැයි තේරුම් ගන්නට හැකි ඇඟ කිළිපොළා යන දත්ත සමුච්ඡයක් පසුගිය වසර තුළ ප්‍රකාශයට පත් විය. 2021 වසර තුළ දිනකට ළමා අපචාර 33ක් මේ රටෙන් වාර්තා වී තිබිණි.
එනම් පැයකට ළමා අපචාර එකකට වඩා වාර්තා වන රටකි. පසුගිය වසරේ මුල්...