මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි
ලොව කවර රටෙක වුව ද ජන සමාජයෙහි ප්‍රබුද්ධ පිරිසක් මෙන් ම නූගත් පිරිසක් ද වෙති. ප්‍රබුද්ධයෝ පොත පත හදාරමින් ගොඩනඟා ගන්නා දාර්ශනික ඥානයෙන් විවිධ නිර්මාණ බිහි කරති. පොදු ජනයා පොත පත හැදෑරීමක් නොකළ ද ඔවුන් අතින් ද විවිධ නිර්මාණ බිහි වෙයි. ‘ජන කවිය’ එසේ පොදු ජනයා අතින් බිහි වූ නිර්මාණාත්මක සාහිත්‍යාංගයකි. ‘ජන කවිය’ වූ කලි නූගත් සාමාන්‍ය පොදු ජනතාවගේ මුවින් නිකුත්ව පාරම්පරිකව...