ලේක්හවුසියේ පියගැටපෙළ බැසි ඔහුට දිවයින කාර්යාලයේ දොරටු විවර වෙන්නේ ඉරිදා දිවයින සමාරම්භක කතුවරයා ලෙස පත්වීම ලබමිනි. එඩ්මන්ඩ් රණසිංහ දිවයින කර්තෘවරයා මෙන්ම උපාලි පුවත්පත් සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ද විය. දිවයින පුවත්පතට ඔහු සමඟ ම එකල සිළුමිණ විශේෂාංග කර්තෘවරයා වූ දයාසේන ගුණසිංහ ඇතුළු පිරිසක් ද එක් විය. ඒ එඩ්මන්ඩ් රණසිංහගේ ඇරයුමෙනි. ඔහුගේ කර්තෘත්වයෙන් යුතුව 1982...