ඉතා දීර්ඝ කාලයක පටන් කවියෝ කාන්තාවගේ ගුණ ගයති. ඔවුහු ගයන ඒ ගුණ ගී යථාර්ථයක් වන තෙක් දහස් ගණන් කතුන් නෙත් අයා බලා සිටිති. නමුත් එය සිහිනයක් විනා යථාර්ථයක් වන ලකුණක්වත් පෙනෙන මානයක නොවේ.
කාන්තාවගෙන් මවක ලෙස, බිරියක ලෙස, සොයුරියක ලෙස පවුලකට, සමාජයකට සිදුවන සේවාව අතිමහත්ය. ඒ මහඟු සේවය බොහෝ සෙයින් කවියන්, නවකතා රචකයන්, තිර පිටපත් රචකයන් හඳුනාගෙන සිටින බව ලියැවෙන කවි, ගී, චිත්...