මිහිමඩලේ චමත්කාරය, සොබාදම් රුවැත්තියගේ පින්සල් තුඩගින් රත්පැහැයෙන් සිතුවම් කෙරෙනා අපූර්වතම කාලය එළඹ තිබේ. රත් එරබදු යායක සුන්දරත්වය කැටිවුණු අපූරු පරිසරය ගී හඩින් රස ගන්වමින් නැගෙන කෝකිල නාදය, සොබාදහම වෙත ගෙනෙන්නේ සොඳුරුතම පණිවිඩයකි.
“එළඹ ඇත්තේ භාග්‍යවතුන්ගේ මාසයයි. සිංහල මාස ක්‍රමයට “බක්“ මස හෙවත් භාග්‍යවත් මාසය නමින් හැඳින්වෙන බක් මාසය ගස් වැල් ඵල බර වූ, කෙත්වතු සරු සාර...