අද මේ රටේ තියෙන ප්‍රධාන ම ප්‍රශ්නය තමයි අපි බෙදිලා කා කොටාගන්න එක. මේ බෙදිල්ල පක්ෂ, පිල්, කඳවුරු මට්ටම ඉක්මවා ගිය එකක්. දැන් දැන් පුද්ගල මට්ටමින් පවා අපි බෙදිලා කා කොටාගන්නවා. මේ පොරකෑමට මුල්වෙලා තියෙන්නේ තමන් හරියට ම හරි, අනිත් එවුන් වැරැදියි, උන් තමයි හැම දේකට ම වගකියන්න ඕනෙ කියන සිතුවිල්ල. බොහෝ වෙලාවට අපි යමක් පිළිගන්නේ ඒ දේ හරියි කියලා අපිට වැටහෙන නිසා බව ඇත්ත....