කාව්‍ය සංකල්පනාවලින් ද උපයුක්ත භාෂාවෙන් හා කාව්‍යෝක්තිවලින් ද ප්‍රකාශිත ජීවන හා සමාජ දර්ශනයෙන් ද අව්‍යාජ දේශීයත්වය ම පිළිබිඹු වන මර්සලීන් ජයකොඩි පියතුමාගේ කවි ගීතවල එතුමාගේ නම සඳහන් නොවූ නමුදු හඳුනාගත හැකි අපූරු අනන්‍යතාවක් ලැගුම් ගෙන තිබේ. භාෂාවේ සංගීතය මැනවින් හඳුනන පියතුමාගෙන් ලියැවුණු කවි ගීතාත්මක ය. ගීත කාව්‍යාත්මක ය. ශබ්දාර්ථ සුසංයෝගයෙන් සමූපේත ය. සුසරු බිමක...