ගෝලීය වශයෙන් ගත් කල ට්රම්ප් බරපතළ අර්බුද රැසක් නිර්මාණය කර තිබේ. විශේෂයෙන්ම ජෙරුසලම ඊශ්රායල් අගනුවර ලෙස පිළිගැනීම හා පලස්තීනුවන් බලහත්කාරයෙන් සාමයකට යොමුකරවාගැනීමේ ස්ථාවරය නිසා ඇතිවී තිබෙන අර්බුදය මේ අතරින් මුල් තැනක් ගනී. දෙවනුව ට්රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකාවේ මුදල් බලය යොදවා පාලනය කිරිමට දරන ප්රයත්නයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙන අමෙරිකානු අරමුදල් කපා...