කොරෝනා මැද රටේ ආර්ථිකයට හුස්ම පිඹින
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මුළු රටට ම පනවා තිබූ සංචරණ සීමා දින දෙක තුනකට ලිහිල් කර තිබුණද සාමාන්‍ය දිනක පාරවල්වල දක්නට ලැබෙන තරම් ජනතාවක් එදින පාරවල්වල දක්නට නොලැබිණි. එම නිසා අප යා යුතුව තිබුණු කොග්ගලට වෙනදාට වඩා ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ළඟාවීමට හැකියාව ලැබිණි. මාටින් වික්‍රමසිංහ නම් වූ ගත්කතුවරයා උප්පත්තිය ලැබූ ගම සේම පසෙක ඔහු ලියූ මඩොල් දූව නම් වූ කෘතියට...